May 19, 2024

ෆොන්සේකාත් සන්ධානයෙන් එයි? - දයාසිරි කියයි

ඉදිරියේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ කිහිපයක් එක් කරගැනීමට සූදානමක් පවතින බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද ඉදිරියේ දී සන්ධානය සමග එක්වීමට නියමිත බව හෙතෙම සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඉදිරි මහමැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2015 15:46