May 19, 2024

පැමිණිල්ලක් නිසා ජනපති මාදුරුඔයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ මාදුරුඔය ජලාශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.  

ජලාශයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවන බවට ලද තොරතුරු අනුව විෂයභාර අමාත්‍යවරයා ලෙස හදිස්සියේම මෙලෙස මාදුරු ඔය ජලාශය වෙත පැමිණ ජනාධිපතිවරයා එහි කටයුතු පිළිබඳ සොයා බැලීය. 

මාදුරු ඔය පැරණි වේල්ල මෙන්ම සොරොව්වද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. 

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)