May 20, 2024

රට තුළ අධිවේගී මාර්ග අවශ්‍යයි / දේශපාලන පළිගැනීම් අනවශ්‍යයි- ඇමති කිරිඇල්ල

ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සඳහා රට තුළ අධිවේගී මාර්ග තිබිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයත් ඉදිකිරීමට ඉදිරි එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ක්‍රියා කරන බවයි.

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ දිනවල වංචා දූෂණ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දේශපාලන පළිගැනීමක් නොවන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

දැනට චෝදනා විමර්ශනය කරන්නේ සත්‍ය ලෙසම චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් පිළිබඳව පමණක් බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2015 10:46