May 20, 2024

ප්‍රජනන සෞඛ්‍යයට මාර්ගෝපදේශන ග්‍රන්ථ 05 ක් 

ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍යයට අදාළ චර්යා වෙනස්වීම උදෙසා සන්නිවේදන ක්‍රමෝපායන් ඇතුළත් මාර්ගෝපදේශන ග්‍රන්ථ 05 ක් එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දහවල් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම, පවුල් සැලසුම් වැඩසටහන, සුවනාරි සායන වැඩසටන නමින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. 

ඉක්මන් සහ ඵලදායී ලෙස ප්‍රජනන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නම් ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන්වල චර්යා වෙනස් කිරීමේ ප්‍රවේශ ඒකාබද්ධ කිරීමේ වැදගත්කම, ආනුභාවික සාක්ෂි, පර්යේෂණ හා වැඩසටහන් ආදි සියල්ල මෙම ග්‍රන්ථ මගින් පෙන්වා දී ඇත. 

මෙම මාර්ගෝපදේශන ග්‍රන්ථ මගින් හදුන්වාදී ඇති ක්‍රියාකාරකම් දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමග අනුගත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන්වල ප්‍රතිඵල තවදුරටත් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ඇලෙන් සිබනේලර් යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)