May 20, 2024

හිටපු ජනපති මහින්ද යළි කැබිනට් මණ්ඩලය රැස් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමාට දේශපාලන සහයෝගය දක්වන හිටපු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් 15 දෙනෙකු තෝරාගෙන ඡායා කැබිනට්ටුවක් (ෂැඩෝ කැබිනට්) පිහිටුවාගෙ ඇති බවට තොරතුරු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව දැනට සතියකට වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඡායා කැබිනට් අමාත්‍ය මණ්ඩලය රැස් වී සාකච්ඡා පවත්වන බවත් එම තොරතුරු වාර්ත කර ඇත.

එහිදී රටේ දිනපතා සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කරමින් අවශ්‍ය ප්‍රතිපත්ති හා විකල්ප ක්‍රියාමාර්ග පියවරයන් සංවිධානය කරමින් සිටින බවත් සඳහන්.

Rate this item
(2 votes)
Last modified on Sunday, 24 May 2015 08:03