May 08, 2024

(Update) මාංචු පිට පැන ගිය රැඳවියා බුද්ධි අංශයෙන් අල්ලයි

පොළොන්නරුව වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය භාවිතාකර වූවන් පුණුරුත්තාපනය සිදු කරනු ලබන කඳවුරට අයත් පැන ගිය රැඳවියා මේ වන විට අල්ලාගෙන තිබේ.

වෛද්‍ය පාරීක්ෂණයක් සඳහා පොළොන්නරුව රෝහල වෙත රැගෙනවිත් සිටි රැඳවියා අද පෙරවරුවේ මාංචුද සමගින් පැන ගියේය.

ඒ අනුව පොලිසිය සහ හමුදාව එක්ව පැන ගිය රැඳවියා සොයා පුළුල් මෙහෙයුමක් අරඹා තිබුණි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ පුරා විද්‍යා රක්ෂිතය තුළ සැඟව සිටියදී මෙම රැඳවියා සොයා ගන්නට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සමත් විය.

Rate this item
(0 votes)