May 08, 2024

රැඳවියෙක් මාංචු පිටින් පැන යයි

මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය පාරීක්ෂණයක් සඳහා රෝහල වෙත රැගෙනවිත් සිටි රැඳවියෙකු මාංචුද සමගින් පැන ගොස් තිබේ.

පොලිසිය සහ හමුදාව එක්ව මේ වන විට එම පැන ගිය රැඳවියා සොයා පුළුල් මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වෙයි.

පොළොන්නරුව වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය භාවිතාකර වූවන් පුණුරුත්තාපනය සිදු කරනු ලබන කඳවුරේ රැඳවියෙකු මෙලෙස පැන ගොස් තිබේ.

ඒ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව රෝහල වෙත රැගෙනවිත් සිටියදීය.

මෙම රැඳවියාට මාංචු දමා රැගෙනවිත් ඇති අතර මොහු පැන ගොස් ඇත්තේද මාංචු පිටින් බවයි වාර්තා වෙන්නේ. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 May 2015 12:20