May 07, 2024

පාපැදියක් සමග මළ සිරුරක් හමු වේ

හලාවත - කරවිටාගාර වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයේ තිබී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව හලාවත පොලීසිය කියයි.

අද (23 වැනිදා) පෙරවරුවේ මෙම මළ සිරුර හමුවී ඇත. මනක්කුලම - කොක්කාවිල මාර්ගයේ ඇති කරවිටාගාර මහ බෝක්කුව යට මෙම මළ සිරුර තිබී හමුවී ඇත.

මිය ‍ගොස් ඇත්තේ හලාවත - නැගෙනහිර කරවිටාගාර පදිංචිකරුවෙකු බව කියන බ්‍රහ්මාචාරිගේ ජයලත් හේමකීර්ති (අවු:39) නම්වූ තිදරු පියෙකු බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනා ගෙන ඇත.

මළ සිරුර අසල පා පැදියක් ද තිබී හමුවී ඇති අතර එය මිය ගිය අයගේ බවට සනාථ වී ඇත.

පුත්තලම - ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)