May 08, 2024

පාර්ලිමේන්තුව විසුරුවන්න බාධාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බාධාවක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ ව්‍යවස්ථාදායක සභාවට නම් කෙරෙන නියෝජිතයන් සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ අතර පවතින ප්‍රමාදය හේතුවෙනි.

කථානායකවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට අමතරව තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනකු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරනු ඇති අතර, එසේ පත් කෙරෙන මන්ත්‍රීවරුන් කවුරුන්ද යන කරුණ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රධාන පක්ෂ අතරේ කිසිදු එකඟතාවක් ඇති වී නොමැති බව වාර්තා වෙයි.

ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන ස්වාධීන සාමාජිකයන් තිදෙනා තෝරා ගන්නේ අග්‍රාමාත්‍යවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙනි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගවිනිසුරු, පොලිස්පති, විගණකාධිපති වැනි රජයේ ඉහළ තනතුරුවලට සුදුස්සන් පත් කිරීම මෙන්ම ස්වාධීන කොමිෂන් සභා දහයකට නියෝජිතයන් පත් කිරීම ද ව්‍යවස්ථා සභාවට අයත් කාර්යයක් වෙයි.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 May 2015 07:24