May 07, 2024

මහින්දගේ ‘කොටි කොඩි’ කතාව ෆොන්සේකාගේ ‘සුදු කොඩි’ වගේ

උතුරේ කොටි කොඩි නැවත ඔසවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 19 දා කඹුරුපිටියේදී කළ ප්‍රකාශය ජනවර්ග අතර විරෝධය සහ මහජන කැලඹිලි ඇති කිරීමට තුඩු දෙන්නක් වන හෙයින් අපරාධ නීතිය යටතේ ඔහුට එරෙහි ව කටයුතු කළ හැකි බවට නීතිවේදීහු පෙන්වා දී තිබේ.

මීට පෙර යුද්ධය අවසන් අදියරේදී ‘සුදු කොඩි එසවීමේ’ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා ලද පරිදි ම ‘කොටි කොඩි’ එසවීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීති අංශවල මතය වී ඇත.

බුද්ධි අංශ වාර්තා අනුව එවැනි සිදුවීමක් උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලින් වාර්තා නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි.‍

 

Rate this item
(0 votes)