May 19, 2024

යාපනයේ කලහකාරී හැසිරීම ගැන මහින්ද කතා කරයි

උතුරේ ඇති වූ ආකාරයේ සිදුවීම යළි නොවීමට සෑම පාර්ශවයක්ම කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙවැනි සිදුවීම් යළි සිදුවුවහොත් එය අනාගතයට අයහපත් පුර්වාදර්ශයක්  වනු ඇති බවය.

මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික් උත්සවයකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

යාපනය, පුංකුඩිතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක සමූහ දූෂණයකට ලක් කළ බව කියන පුද්ගලයින් 9 දෙනාට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ වැසියන් පිරිසක් ඊයේ යාපනය උසාවියට මෙන්ම පොදු‍ දේපළවලට හානි කළේය.

එකී සිද්ධිය පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 May 2015 21:20