May 19, 2024

උතුරේ නීතිඥවරු හෙට රාජකාරීවලින් ඉවත් වෙයි

උතුරු පළාතේ සියලුම නීතිඥවරුන් 22 වෙනිදා එනම් හෙට දිනයේ  සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටීමට තීරණය කර ඇත.

ඒ යාපනය දිස්ත්‍රික් නීතිඥ සංගමයේ ඉල්ලීමකට අනුවය. එම සංගමය ඉල්ලා ඇත්තේ හෙට දිනයේ තම අධිකරණයන් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වන ලෙසය.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ 20 වෙනිදා යාපනය අධිකරණයට මහජනතාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය නීති විරෝධී බවත් ඉන් අධිකරණයට සිදුවූ අපකීර්තිය සුලුපටු නොවන බවත් පෙන්වා දෙමින් අද (21දා) දහවල් යාපනය අධිකරණ සංකීර්ණයේ පැවති යාපනය දිස්ත්‍රික් නීතිඥවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමේදීය.

දිනසේන රතුගමගේ -  වවුනියාව

Rate this item
(0 votes)