May 19, 2024

රැහැන් ඇද්ද විදුලි කණු 17 ක් පෙරළෙයි

මුන්දලම කච්ච මදුරංකුලියේ විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු 17 ක් අද අලුයම පෙරළී පොල්ගස් හා අනෙකුත් ගස් මතට ඇද වැටී ඇතැම් ගස් ගිනි ගත් බව ගම්වැසියෝ පවසති.

අඩි පහමාරක් ගැඹුරට සවි කළ යුතු විදුලි කනු අඩි දෙකකට වඩා පොළොව යටට සිටුවා නැතැයි එම ගම්වැසියෝ සඳහන් කරති.

පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු එම් අයි එම් ඉර්ෂාඩ් මහතා පැවසුවේ ගැලවී ගිය විදුලි කණු කිහිපය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.

Rate this item
(0 votes)