May 19, 2024

කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් ගත් නිලධාරීන්ට දැල එළයි

කාන්තා ක්‍රිකට් පිලේ ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධිය පිළිබඳව කරුණු සෙවීමට පත්කළ වාර්තාවෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමණාකාරීන් කිහිපදෙනෙකුට එල්ල වී තිබූ චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කිරීමටත් විශයභාර අමාත්‍යවරයා තීරණය කර ඇත.

පසුව ඊට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අවධානය යොමු කර තිබේ . 

Rate this item
(0 votes)