May 20, 2024

ආණ්ඩුව හොරු ආරක්‍ෂා කරන හැටි විජිත හේරත් කියයි

එක්සත් ජාතික පක්ෂය ශී‍්‍රලනිපයේ පුද්ගලයින්ට එරෙහිව පරීක්‍ෂණ නොකර සිටීමේ උත්සාහයක නිරත වන බවත් දැන් මේ ආණ්ඩුව හොරුන් ආරක්‍ෂා කරන බවත් ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ(20) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. 

“ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ‘ම’ පාර්ශ්වයයි, ‘මෛ’ පාර්ශ්වයයි කියලා පාර්ශව දෙකක් තිබෙනවා. ශී‍්‍රලනිපය දෙකඩ වෙන එක එජාපයට වාසි සහගතයි. මේ නිසා එක්සත් ජාතික පක්‍ෂය ශී‍්‍රලනිපයේ පුද්ගලයින්ට එරෙහිව පරීක්‍ෂණ නොකර ඉන්න උත්සාහ කරනවා. ඒවගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටත් ප‍්‍රශ්නයක් තිබෙනවා තමන්ගේම අය අත් අඩංගුවට ගන්නේ කොහොමද කියලා. ඒනිසා හොරු නිදැල්ලේ ඉන්නවා. නමුත් මේ හොරුන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. දැන් මේ ආණ්ඩුව හොරුන් ආරක්‍ෂා කරනවා. වංචාවට-දූෂණයට එරෙහිව ආණ්ඩුව ගෙන තිබෙන කි‍්‍රයාමාර්ග පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ.“ යැයි විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් දක්වමින් සඳහන් කළේ “ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා. එම නියෝගය පිළිගන්නේ නැත්නම් පංච පුද්ගල හෝ ඊට වැඩි විනිසුරු මඩුල්ලක් හමුවේ එම නඩුව නැවත විභාග කළ හැකියි. නමුත් එය ජාත්‍යන්තර මට්ටමට ගෙන යායුතු ප‍්‍රශ්නයක් කරගත යුතු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු යම් යම් අවස්ථාවල ඊට වඩා වැඩි ගණනක් සහිත විනිසුරු මඩුල්ලක් හමුවේ වෙනස් කළ අවස්ථා තිබෙනවා. පී.බී. ජයසුන්දරට එරෙහිව ලබාදුන් තීන්දුවක් ඒ අයුරින් වෙනස් කළා. පහුගිය කාලයේ මහා පරිමාණයේ වංචා-දූෂණ කරපු අය දැන් නීතිය පාවිච්චි කරලා අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා උසාවි නියෝග ගන්නවා. මේ තෝරු, මෝරු අත්අඩංගුවට ගන්න  ඕනෑ. ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා පරීක්‍ෂණ පත්වන්න ඕනෑ. වර්තමානයේ මතුවෙලා තිබෙන බල තුලනය ඇතුළේ හොරු ආරක්‍ෂා වෙන්න උත්සාහ කරනවා.“  

 

 

 

Rate this item
(0 votes)