May 19, 2024

දින සියයේ ප්‍රගතිය ජනපතිට

නව රජයේ දින සියය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වන සමාලෝචන වාර්තාව ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන වාර්තාව ජනපතිට බාර දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලබා දුන් පොරොන්දු සහ නව රජයේ පළමු දින සියය තුළ ලඟා කරගත් ඉලක්කයන් සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කර ඇත.

Rate this item
(0 votes)