May 19, 2024

හරීන් මහ ඇමති - අතුරු තහනම අධිකරණයෙන් ඉවතට

ඌව පළාත් මහ ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචානාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කර තිබේ.

ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම්වලට අදාළ මූලික විභාගයක් කිරීමෙන් පසුව එය ලබන ජූනි මස 15 වැනි දා විභාගයට ගැනීමටත් එදිනට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා දැනුම්දී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 May 2015 12:54