May 19, 2024

(Update-3) 'ජනපති අසරණ වෙලා' - ඇමතිකමින් අස්වූ මන්ත්‍රීවරුන් හෙළි කරයි ‍

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ක්‍රියාකලාපය නිසා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද අසරණ වී ඇති බවත් දුන් පොරොන්දු ඉටු නොකරණ මේ රජයේ සිටීමෙන් පළක් නොමැති බවත් රජයෙන් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප ඇමතිවරු ප්‍රකාශ කරති.

ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක ඇමතිවරු විපක්ෂ නායක කාර්යාලයේ දී අද(21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළහ. 

“අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. පලිගැනීම හැර අන් දෙයක් කරන්නේ නැහැ. පොලිස්පතිට අණ දෙන්නෙත් ඔහු.“ යැයි එම ඇමතිවරු චෝදනා කළහ.

Rate this item
(2 votes)