May 19, 2024

විජයබා බලඇණියෙන් පැන්න අයෙක අල්ලයි

මිලි මීටර් 7.1 ප්‍රමාණයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමග යුධ හමුදාවෙන් පලා විත් සිටි සෙබළෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය කියයි.

ඊයේ (20) රාත්‍රී 10.00 ට පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුව දංකොටුව නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විජයබා පාබල බල ඇණියට අනියුක්තව සේවය කර ඇති සැකකරු පසුව ඉන් පලාවිත් ඇති අයෙකු බවට පොලීසිය කියයි. ඔහු දිවුලපිටියේ පදිංචිකරුවෙකි.

තමන් මිතුරෙකු මුන ගැසීම සදහා යමින් සිටි බව සැකකරු පොලීසියට පවසා ඇත.නමුත් සැකකරු ගිනි අවියක් රැගෙන පැමිණියේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

ජූඩ් සමන්ත - පුත්තලම

Rate this item
(0 votes)