May 19, 2024

මෙන්න උතුරේ දැන් තත්ත්වය (Photos)

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවියක පැහැ‍රගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 9 දෙනා ඊයේ (20) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  යාපනය අධිකරණය අසළ නොසන්සුන්තාවක් වර්ධනය වී තිබුණි. එහිදී උද්ඝෝෂණයේ නිරතවූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළුගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.

උද්ඝෝෂකයින් විසින් පොලීසිය දෙසට එල්ල කරන ලද ගල්මුල් ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන්ට තුවාල සිදුවූ අතර ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපළවලට දැඩි හානි සිදුවිය. විරෝධතාකරුවන් එල්ල කළ මෙම ප්‍රහාර වීදුරු බෝතල්, ගල්, යකඩ කැබැලි, ලී පොලු, ක්‍රොන්ක්‍රීට් කැබැලි ආදී දෑ වලින් එල්ල කර තිබේ.

මේ අනුව අද (21) දවස පුරා උතුරේ විවිධ ස්ථානවලදී හර්තාල් දියත් කෙරෙමින් පවතින බව දැක ගන්නට ලැබේ. පවතින තත්ත්වය හේතුවෙන් උතුරේ රාජ්‍ය කාර්යාල අඩපණ වී ඇති බවත් දැන ගන්නට ලැබේ.

වව්නියාවේ සිටින අප වාර්තාකරු පවසන්නේ අද පෙරවරුවේ සිට මුළු දිනය දක්වාම මෙලෙස කඩ සාප්පු වසා දමමින් පුංකුඩතිව් සිසුවියගේ ඛේදවාචකයට කණගාටුව පළ කරන උතුරේ ජනතාව ඇතැම් අවස්ථාවන්වලදී ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට උත්සහ කරමින් සිටින බවය.

ප්‍රධාන නගරවල පාසැල්වල මේ හේතුවෙන් සිසුන් අඩු වශයෙන් දැකිය හැකි බවත් අප වාර්තාකරු පැවසීය.

වව්නියාවේද විශාල පොලිස් බල ඇණි යොදවමින් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

උතුරේ වැසියන් මෙසේ විරෝධතා දක්වමින් සඳහන් කරන්නේ සිද්ධියේ සැකකරුවන් වරදකරුවන් වූවහොත් මරණ දඩුවම ලබා දිය යුතු බවය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවා හෙවත් කොළඹ වැල්ලවත්තේදී ඇල්ලූ මහමොළකරු අද දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දිනසේන රතුගමගේ - වව්නියාව

ඡායාරූප පහතින් නරඹන්න...

ඊයේ ඇති වූ තත්ත්වය පිළිබඳ වීඩියෝව පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 May 2015 11:50