May 19, 2024

(Update-1) ඇමතිවරු 4ක් ඉල්ලා අස් වෙයි? - විශේෂ මාධ්‍ය හමුවට සියල්ල සූදානම්

රජයේ අමාත්‍යවරුන් සිව්දෙනෙකු තව සුළු මොහොතකින් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අප මේ පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ තව සුළු මොහොතකින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සිය තීරණය ප්‍රකාශ කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අදාළ ධූරවලින් ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, සී.බී රත්නායක සහ පවිත්‍රා වන්නිආරච්චි මෙලෙස සිය ධූර වලින් ඉල්ලා අස් වීමට නියමිතය.

තමන්ගේ තීරණය අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන බව අමාත්‍ය සී.බී රත්නායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 May 2015 11:07