May 19, 2024

ලොකුම හොරා ආණ්ඩුවේ - සුසිල්

ලොකුම හොරා ආණ්ඩුවේ සිටියදී ආණ්ඩුව විසින් හොරු අල්ලමින් සිටින බව එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මහාභාණ්ඩාගාරයේ බැඳුම්කර නිකුතුවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ට නොකැඳවන්නේ මන්දැයි කොළඹ අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය හෙතෙම විමසා සිටියේය.

පොදු දේපළ පනත යටතට මෙම වංචාව අයත් නොවන්නේ මන්දැයි විමසා සිටි ප්‍රේමජයන්ත මහතා බිලියන 1 ක් ඉල්ලා සිටිය ගනුදෙනුවක බිලියන 10 ට වැඩි ගනුදෙනුවක් සිදුකර ඇත්තේ කෙසේද යන්න විමසිය යුතුව ඇති බව පෙන්වා දුන්නේය.


Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 May 2015 20:22