May 19, 2024

හෙට යාපනයේ දැවැන්ත විරෝධතා රැල්ලක් / සිසුවිය ඝාතනයේ මහමොළකරු ඒමට තිබියදී ප්‍රහාර දියත් විය (VIDEO)

මේ වන විට යාපනය අධිකරණය අවට තත්වය සාමාන්‍ය අතට පත්ව ඇති අතර ගල් ගැසූ සහ කළහකාරී ලෙස හැසිරුණු 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල් මුල් ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇත. උසාවි ගොඩනැගිල්ලට හා පොලිස් ඇතුළු රථවාහාන පෙලකට අලාභහානි සිදුව ඇත.

යාපනය අධිකරණ භූමිය ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකටම සහ යාපනය දිස්ත‍්‍රීක්කයේ ස්ථාන කිහිපයකටම මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් යොදවා ආරක්ෂාව තර කොට ඇති බවද යාපනය පොලීසිය පවසයි.

මේ අතර යාපනයේ තැනින් තැන තව දුරටත් විරෝධතාවන් පැවත්වෙන අතර හෙට දිනයේද උතුරු පලාතම ආවරනය වන පරිදි විරෝධතාවන් පැවත්වීමට පියවර ගෙන ඇති බවටද යාපනයේ සිවිල් සංවිධාන හා කාන්තා සිවිල් සංවිධාන විසින් කියා සිටි.

මේ වන විට යාපනය අධිකරණ භූමිය පිහිටි ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ (19) දින අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනාගෙන් පස් දෙනෙකු යාපනය අධිකරණය වෙතට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන ජුනි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය දිසා විනිසුරු ලෙනින් කුමාර් මහතා නියෝග කරනු ලැබීය.

අනතුරුව ඊයේ දින කොළඹ වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අදාළ සිසුවිය ඝාතනය කිරීමේ මහමොළ කරු ලෙසින් හැඳින් වූ 40 හැවිරිදි මහාලිංගම් කුමාර් නැමත්තා ඇතුලූ පිරිස අද දහවල් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතිව තිබියදී මෙසේ යාපනයේ උණුසුම් තත්වයක් ඇති විය.
ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 May 2015 21:05