May 19, 2024

බොදුබලයේ සභාපති හිමියන් ඉවත්වෙයි

බොදුබල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් තමන් වහන්සේ ඉවත් වූ බව දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ පවසති.

ශාසනික සේවාව හා බෞද්ධ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමට මිස දේශපාලනයේ නිරතවීමට තමන් වහන්සේට කිසිදු උවමනාවක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.

ආරම්භයේදී බොදුබල සේනාව සිදුකළ බෞද්ධ ආගමික සේවාවන් වර්තමානය වන විට දක්නට නොලැබෙන බවත් එකල බොදුබල සේනාවෙන් වූ සේවාවන් ගැන තෘප්තිමත් වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මින් ඉදිරියට බොදුබල‍ සේනා සංවිධානය හෝ කුමන සංවිධානයකටවත් සම්බන්ධ නොවන බව ද විමලජෝති හිමියෝ ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)