May 19, 2024

සිසුවිය දූෂනය කළ සැකකරුවන් අධිකරණයට / ජනතාව නොසන්සුන් වී පොලිසියට ප්‍රහාර (VIDEO)

යාපනය අධිකරණය අසළ නොසන්සුන්තාවක් වර්ධනය වී ඇති අතර උද්ඝෝෂණයේ නිරතවූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළුගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

උද්ඝෝෂකයින් විසින් පොලීසිය දෙසට එල්ල කරන ලද ගල්මුල් ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුටද තුවාල සිදුව ඇති බවත්,එම නිලධාරීන් තිදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවියක පැහැ‍රගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 9 දෙනා අද (20) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටියහ.

මේ අතර පාසල් දැරිය සමූහ දූෂණයට ලක්කොට මරා දැමීමේ සිදුවීමට අදාළ ඝාතකයින්ට මරණ දඬුවම් දෙන ලෙස හා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කයිට්ස් හා යාපනයේ තැනින් තැන උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 May 2015 15:44