May 19, 2024

සජින් යළි රිමාන්ඩ් - වාහන දුන්නේ හිටපු ජනපති

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන මස 03 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද වන සජින් වාස් ගුණවර්ධන මහතා ජනපති ලේකම් කාර්යාලයේ වාහන 23ක් අයථා ලෙස පරිහරනය කර තිබෙන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. 

ඉන් වාහන දෙකක් පෞද්ගලික ආරක්ෂක සමාගමකට කුලියට ලබා දී ඇති බවත් තවත් වාහන දෙකක වර්ණ වෙනස් කර ඇති බවත් එක් වාහනයක් පිළිබඳව තොරතුරුද නොමැති බවත් රහස් පොලීසිය පැවසීය.

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හිමිවන්නේ වාහන දෙකක් පමණි. 

සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පැවසූවේ මන්ත්‍රීවරයා සියලු වාහන භාවිත කළේ හිටපු ජනපතිගේ අනුමැතිය ඇතිව බවයි.

 

Rate this item
(0 votes)