May 19, 2024

පාසල තුළ මදනමෝදක කෑ සිසුන් 05 ක් සහ සිසුවියන් 03 ක් හොඳටම හිනා වෙලා

පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන එකම පංතියේ සිසුන් 05 දෙනෙකු සහ සිසුවියන් 03 දෙනෙකු මදනමෝදක කා පාසල් කාල වේලාවේ නොමනා ලෙස හැසිරෙමින් සිට ඇත.

ඊයේ (19) උදේ කාලයේදී මෙලෙස පංති කාමරය තුළ මෙම සිසුන් 05 දෙනා සහ සිසුවියන් 03 දෙනා දිගින් දිගටම සිනා වෙමින් මත් ස්වභාවයෙන් සිටිනු දැක ඇති ගුරුවරුන් සැකසිතා  වහාම පොලිසියට දන්වා තිබේ.

පොළොන්නරුව බැදිවැව මහ විද්‍යාලයේ 11 වසර පංතියක් තුළ මෙම සිද්ධිය ඇති වී තිබුණ අතර පාසලට පැමිණි පොළොන්රුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිස පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ පාසල් මාර්ගයේ ඇති ආයුර්වේද බෙහෙත් ශාලාවකින් මෙම මදනමෝදක සිසුන් විසින් ලබාගෙන ඇති බවත් මදනමෝදක 04 ක් එහිදී කා ඇති බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයුර්වේද බෙහෙත් ශාලාවේ අලෙවි කළ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සියලුදෙනාට අවවාද කර මුදා හැර තිබේ.

මෙහිදී මධනමෝදක කා ඇති සිසුවියන් දැඩි ලෙස මත් ස්වභාවයකින් සිටි බවත් සඳහන්. 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 May 2015 13:27