May 19, 2024

දැරියට පහර දුන් කොස්තාපල්වරියන් රිමාන්ඩ්

තම පෙම්වතාගෙන් අතවරයට ලක්ව රෝහල් ගතකර සිටි දැරියක්ව පරීක්‍ෂණ සඳහා කැඳවාගෙන ගොස් පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු ලබන 28දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කල්පිටිය පොලිසියට අනුයුක්තව සිටි පොලිස් කාන්තාවන් දෙදෙනා එලෙස බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත්තේ ආනමඩුව මහේස්ත‍්‍රාත්වරයා විසින්.

ජූඩ් සමන්ත - පුත්තලම

Rate this item
(1 Vote)