June 29, 2024

උසාවි ගිය මන්ත්‍රීවරුන් කුරුණෑගලට - මැති ඇමතිවරු 50ක් එයි (PHOTOS)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි දේශපාලඥයින් 18දෙනා කුරුණෑගල නගරයේදී පැවැත්වෙන ජනරැළියට සහභාගීවන බවත් තමාද මේවනවිට කුරුණෑගල රැස්වීමට සහභාගී වන බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මව්බිම අනතුරේ - මහින්ද සමග රට දිනවමු යන තේමාව යටතේ පැවැත්වෙන රැලි මාලාවේ සිව්වන ජන රැලිය තව සුළු මොහොකින්  කුරුණෑගල නගරයේදී ඇරඹීමට නියමිත අතර උදය ගම්මන්පිල මහතා මේවන විට එම රැළිය සඳහා පිටත් ව යන අතරතුර බව වාර්තා වේ.

මෙම රැළිය සඳහා ජනිස මන්ත්‍රීවරු 50කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත බවත් ඊට සන්ධානයේ මැති ඇමතිවරු සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

උසාවි නියෝගය නොතකමින් කොළඹ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් හා හිටපු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ පෙනී සිටියහ.

උසාවියෙන් ලැබුණු නොතීසි අනුව එම පිරිස අධිකරණයට පැමිණියේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවූ දිනයේ උසාවි නියෝගය ද නොතකමින් රජයට විරුද්ධව ඔවුන් උද්ඝෝෂණය කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ මෙම ජනරැලි මාලාව සංවිධානය කරයි.

එම රැළියේ සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ තව සුළු මොහොතකින් විකාශය කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 May 2015 15:17