May 08, 2024

මැතිවරණ නීති රීති වෙනස්වීම් සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් දැනුවත් කෙරේ

මැතිවරණ නීති රීති වෙනස් වියයුතු බවට නොයෙක් පාර්ශව වෙතින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලැබෙන කරුණු දැක්වීම් සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී සාකච්ඡා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සැලසුම් කර ඇත.

පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් එළඹෙන 13 වැනිදා පෙරවරු 10.00 ට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ දී අපේක්ෂකයින් විසින් මැතිවරණ නීතිය හේතුවෙන් දුප්පත් අපේක්ෂකයන්ට අසාධාරණයක්වීම සම්බන්ධයෙන් ඇමතිවරු සහ අපෙක්ෂයන් ද ප්‍රකාශ නිකුත් කර තිබුනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 March 2014 17:29