May 03, 2024

සෙල්ලං පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට

හම්බන්තොට නගරා සභා නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද ඔහු හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

2014 වසරේ මාර්තු මාසයේදී අම්බලන්තොට පොලිස්ථානයේදී සැකකරුවෙකු පැහැර ගැනීමට තැත් කිරීම සහ එහිදී පහරදීමට තැත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී  එරාජ් ප්‍රනාන්දු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලං පිස්තෝලයක් යැයි පැවසෙන ගිනි අවියක් එල්ල කිරීම ඇතුලු චෝදනාද පසුගිය කාලයේ මාධ්‍ය මගින් එරාජ් ප්‍රනාන්දු මහතාට එල්ල විය.

මේ සම්බන්ධ අලුත් පුවත්...

හම්බන්තොට නගරාධිපති රිමාන්ඩ් (Update) - http://sinhala.asianmirror.lk/local-news/item/11979-update (මෙතැනින් බලන්න)

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 April 2015 13:14