May 03, 2024

මංගල ජවිපෙට සහය දුන්නා - පක්ෂයෙන් ඉවත් වූ සෝමවංශ හෙළි කරයි

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුළ සුළුවෙන් වුවත් නිලධාරීවාදයේ ලකුණු පහළ වී ඇති බව පක්ෂයෙන් ඉවත් වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ලිපි කිහිපයක් යොමු කර තිබේ.  ඉහත සඳහනද එමගින් දක්වා ඇත. ඔහු එමගින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රශ්නය තේරුම් ගන්නා ලෙසය.
එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජනාධිපතිවරණය දා සිදුවූ බව කියන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබද සාකච්ඡාවට ගනු ලැබූ අවස්ථාවේ මධ්‍යම කාරක සභාව ඒ පිළිබදව දැක්වූ ආකල්පය වැරදි බවය. ජනාධිපතිවරණය දා රාත්‍රියේ අදාළ කුමන්ත්‍රණය ජය ගත්තේ නම් එයින් වැඩිම හානිය සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණට බව ද ඔහු එහි දක්වා තිබේ.


කුමන අරමුණක් මත පිහිටා හෝ ජනාධිපතිවරණය දා රාත්‍රියේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණය ගැන අමාත්‍ය මංගල සමරවීර මහතා පැමිණිල්ලක් සිදුකිරීම ජනතා විමුක්ති පෙරමුණට දැක්වූ සහයෝගයක් බව සෝමවංශ අමරසිංහ මහතා මධ්‍යම කාරක සභාවට දන්වා ඇත.

Rate this item
(1 Vote)