May 03, 2024

අම්මා රට තාත්තා වැඩ - අයියා නංගිව දූෂණය කරලා

 

වයස අවුරුදු 09 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.


 අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 17 වැනි වියේ පසුවන අයෙකි.

අතවරයට ලක්ව ඇත්තේ හලාවත - කාක්කපල්ලිය,සියඹලාගස්වෙල පදිංචිව සිටි දැරියක  වන අතර ඇය ප්‍රදේශ‍යේ පාසලක 04වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර ‍පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

පසුගිය දිනක සේවා කාලය අවසන් වී නිවසට පැමිණි තම මවට දැරිය මේ බව පවසා ඇති අතර පසුව ඇය විසින් මාදම්පේ පොලීසියට කරන ලද පැමිණිල්ලකටඅනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම - ජූඩ් සමන්ත

Rate this item
(1 Vote)