May 03, 2024

අගමැතිට එරෙහිව අල්ලස් කොමිසමට ලිපියක් - මන්ත්‍රී රජීව් විජේසිංහ අගමැති ගැන ලියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ද විමර්ශනයක් කළ යුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යවා තිබේ.

තිස්ස අත්තනායක මහතාට අල්ලසක් දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද එවැනි චෝදනා මත විමර්ශනයක් කළ හැකි බව එම ලිපියේ ඔහු සඳහන් කර ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහායදීම සඳහා අමාත්‍ය රවුෆ් හකීම් මහතා මුදලක් ඉල්ලූ බව අග්‍රාමාත්‍යවරයා තමන්ට පවසා ඇතැයි රජීව් විජේසිංහ මහතා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එමෙන්ම රිෂාඩ් බදියුද්දීන් මහතාට අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ ඔහු වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට සහය පළ කිරීමේ කොන්දේසියක්මත බව අග්‍රාමාත්‍යවරයා සුමන්දිරන් මන්ත්‍රීවරයාට පවසා ඇති බව ද එම ලිපියේ සඳහන් වන බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 April 2015 13:38