May 03, 2024

'ආයෙත් මහා පරිමාණ මූල්‍ය අපරාධ බෑ' - පොලිසිය යටතේ විශේෂ කාර්යාලයක් 

නැවත කිසිවෙකුටත් මහා පරිමාණයෙන් මූල්‍ය අපරාධ කිරීමට නොහැකි වන ලෙස ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාලයක් මේ වසර අවසන් වීමට පෙර පොලිසිය යටතේ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් කරන ලද කරුණු දැක්වීමට පිළිතුරු ලෙසයි.

කොටස් වෙළෙඳපොළේ මුදල් අයින් කර ගැනීම, පිටරටවලට මුදල් ගෙනයාම වැනි මහා පරිණයෙන් මුදල් අපරාධ සිදු කරන්නේ ව්‍යපාරික දැනුමක් ඇතිව බවත් එහි පළමු පියවර ලෙස ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් අගමැතිවරයා පැවසී ය. 

“ඒ සඳහා එක්සත් රාජධානිය, ඉන්දියාව ඇතුළු රටවලින් විශේෂඥ පුහුණුව පොලිස් නිලධාරීන්ට ලබා දෙනවා. මේ සඳහා ලෝක බැංකුවෙන් ද ආධාර ලබා ගන්නවා. ආපසු මේ රටේ හොරකම් කරන්න බැරි විදිහට මේ අංශය පිහිටුවනවා“ යැයිද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)