May 03, 2024

(Update 4) පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙනසක් - 19 තෙවන වර ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මතයි

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තෙවන වර ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඡන්ද විමසීම අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 212ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1කි. 

එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්ද විමසීමට සහභාගී වී නොසිටියහ.

මීට පෙර 19 වැනි සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 214කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද  215ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ඡන්දය පමණි.

එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඒ වන විට සභාවට පැමිණ සිටියේ නැත.

නාමිකව මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය විමසූ බැවින් සෙසු මන්ත්‍රීහූ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් යෝජනාවට පක්ෂ බව කියා සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 April 2015 08:54