June 29, 2024

පාර්ලිමේන්තුව අවට නොසන්සුන් - පොලිසිය අවසන් නිවේදනයත් දෙයි (PHOTOS) 

පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට තවදුරටත් නොසන්සුන්තාවයක් පවතින බව වාර්තාවේ.

මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කරන උද්ඝෝකයින් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්තාවට හටගෙන තිබේ.  

උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කරමින් සිටියි. ඒ සඳහා කැරළි මර්දන පොලීසිය හා ජල ප්‍රහාරක රථද ගෙන්වා ඇත.

අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට පොලීසිය විසින් දන්වා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා නොකොට එම පෙදෙසින් ඉවත් වන ලෙස පොලිසිය උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. 

පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ගෙන ඇත.

මේ අතර පොලිසිය සමඟ උණුසුම් ලෙස වචන හුවමාරුවක්ද සිදු ව ඇති අතර ඕනෑ නම් තමාට පහර දෙන ලෙස එහිදී රාවණා බලයේ හිමිනමක් ප්‍රකාශ කර තිබේ.

පොලිසිය පහර නොදෙන බවත් ඔබවහන්සේලා නීති ගරුකව ක්‍රියා කරන ලෙසත් පොලීසිය සඳහන් කර ඇත.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 April 2015 11:27