May 19, 2024

මහජනතාව බෝගම්බර යයි

මහනුවර බෝගම්බර බන්ධනාගාරය 15 වැනි දා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇති බවත් මේවන විට විශාල පිරිසක් එය නැරඹීමට පැමිණ ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි කුලතුංග මහතා පවසයි.

ලබන 25 වැනි දා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තැබෙන බවත් මේවන විට බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන්ගෙන් පල්ලේකැලේ නව බන්ධනාගාරය වෙත රඳවා ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇති සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 4.30 දක්වා අතර කාලය තුළ බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට අවස්ථාව ලැබේ.

මෙහිදී බෝගම්බර බන්ධනාගාරය තුළ ස්ථාපිත කර ඇති එල්ලුම් ගස නැරඹීමේ අවස්ථාවද මහජනතාවට උදා වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 March 2014 13:34