June 29, 2024

මහින්ද අගමැති කරවන රත්නපුරේ රැළියට සියල්ල සූදානම් 

‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජාතික රැලි මාලාවේ තෙවැන්න අද (26) සවස 3.00ට රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණය අසලදී පැවැත්වීමට නියමිතය. 

ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික  පෙරමුණ යන පක්‍ෂ 04 මෙම දැවැන්ත රැලිය සංවිධානය කරති. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බල කෙරෙමින් මෙම දැවැන්ත රැලිය පැවැත්වේ.

මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් රැසක් මෙම ජාතික රැලිය ඇමතීමට නියමිතය. 

මහා සංඝරත්නය, කලාකරුවෝ, විද්වත්හු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වෙති. මෙම රැලියට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් දිවයිනේ සතර දෙසින් සහභාගී වෙතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 March 2015 07:31