May 21, 2024

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන ශ්‍රීලංනිප ස්ථාවරය කියයි

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා විසිනි.

එහිදී හෙතෙම සඳහන් කළේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු විරෝධයක් නැති බවය.

මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී, වාර්ගවාදී ක්‍රියාවන් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවත්, බොදුබල සේනාව වැනි සංවිධානවල තැන ඔවුනට හිමි බවත් හෙතෙම එහිදී පැවසීය.

 

Rate this item
(0 votes)