May 20, 2024

කොරියානු රැකියා 5000 ක් ලංකාවට ලැබේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන පරිදි මේ වසරේ ශ‍්‍රී ලංකාවට කොරියානු රැකියා 5000 ක් හිමිවීමට නියමිතව ඇත.

ඉන් රැකියා 4300ක් කර්මාන්ත අංශයේ වන අතර, ඉතිරිය ධීවර අංශයට අදාළ රැකියා බවයි එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති චැන් වොන් සම් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම කරුණු අනාවරණය වී ඇත.

Rate this item
(0 votes)