May 21, 2024

මහින්ද කහඳගම යළි රිමාන්ඩ්

මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා  ලබන 02 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ කොළඹ මූල්‍ය වංචා විමර්ශන අංශය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සංගමය  මුදල් පරිහණය කළ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.

අදාළ මුදල් පොදු දේපළ පනතට ගැනෙන මුදල් ද යන්න පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇතත් තවමත් එම උපදෙස් ලැබී නොමැති බව කොළඹ මහනගර සභාව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මහින්ද කහඳගම මහතා ලබන මස 2 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, අදාළ වාර්තාව එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

   

Rate this item
(0 votes)