May 21, 2024

මිනිසුන් බලා සිටියදී කඳුළු සලමින් සිටි අලියා බිම ඇද වැටී මියයයි

වෙඩි වැදීමෙන් දින ගණනක් තුවාල ලබා සිටි වන අලියෙකු අද (20) උදෑසන සෝමාවතිය සංඝබෝධි ගමට පැමිණ ඇති අතර කඳුළු සලමින් සිටි එම අලියා ගම්මුන් බලා සිටියදීම බිම ඇද වැටී මියගොස් තිබේ.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ අවුරුදු 15ක් පමණ වන මෙම අලියා අද උදෑසන සංඝබෝධි ගමට පැමිණි අවස්ථාවේ කලබලයට පත්වූ ගම්වැසියන් මේ ගැන පුලස්තිපුර පොලීසියටත් ගමේ පන්සලේ විහාරාධිපති යටියලගල උපතිස්ස හිමියන්ටත් දැනුම්දී ඇත.

එම අවස්ථාවේ පිරිස අලියා සිටින ස්ථානයට ගිය විට උගේ දෑසීන් කඳුළු වැටෙමින් තිබූ බව ස්වාමින් වහන්සේ කියයි. ඒ සමගම අලියා බිම වැටී මියගොස් තිබේ.

පොලීසිය ද ඒ වන විට එම ස්ථානයට පැමිණ ඇති අතර ටී 56 ගිනි අවියකින් වෙඩි වැදුණු සලකුණු කිහිපයක්ම අලියාගේ සිරුර ඇති බව හඳුනාගෙන ඇත.

එසේ බිම ඇද වැටී මිය ගිය අලියා‍ගේ ඡායාරූපය පහතින් දැක්වේ.

ඡායා රූ  - ගාමිණි ඔබේසේකර

Rate this item
(0 votes)