May 21, 2024

නිදහස් පක්ෂයේ තාරුණ්‍යයට අළුත් තැනක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නව කාර්යාලය කොළඹ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු විය. 

අද පෙරවරුවේ කොළඹ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රිමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය. 

අනතුරුව තරුණ සංවිධාන කාර්යාලය විවෘත කළ අතර තරුණ සංවිධානයට සම්බන්ධ පුස්ථකාලය විවෘත කිරීමටද එක් විය. 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, පියසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 

Rate this item
(0 votes)