May 20, 2024

කඩුවෙල සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන්වයි  

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්‌තව සිටි දහසය දහසකට අධික උපාධිධාරීන් තම රැකියා පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයකින් පසුවන බව වාර්තා වේ.

පසුගිය රජයෙන් රටපුරා සෑම ග්‍රාම සේවා වසමකම සංවර්ධන නිලධාරී කාර්යාල ස්ථාපිත කළ අතර ඊට උපාධිධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් පත් කර තිබිණි.

එම කාර්යාල සදහා ග්‍රාම නිලධාරී කාර්යාලවලට සේම වෙනමම ස්ථානයක් හා කාර්යාල උපකරණ, ගෘහ භාන්ඩ ආදියද සපයා තිබිණ.

ඒවා රජයේ ස්ථිර පත්වීම් වුවත් මේවන විට හොර රහසින් ඔවුන් මර්දනය කිරීම ඇරඹී ඇති බවත් බහුතරයක් නව රජය බලයට ගෙන ඒමට කැප වී කටයුතු කළත් මෙම පළිගැනීම් සදහා ඉදිරි මැතිවරණෙය්දී ප්‍රතිචාර දක්වන බවත් ආර්ථික සංවර්ධන නිලධාරීන්හු පවසති.

පසුගිය රජය රැකියා විරහිත උපාධිධාරීන් 16700 ක්‌ පමණ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ආර්ථික සංවර්ධන නිලධාරි යන නාමය යටතේ අනුයුක්‌ත කළේය.

නමුත් පසුගිය ජනවාරි 18 වැනි දා ගැසට්‌ නිවේදනයක්‌ මගින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අහෝසි කළ අතර ඒ අනුව ආර්ථික සංවර්ධන නිලධාරීන්ට වගකියන අමාත්‍යාංශයක්‌ නොමැති විය. 

ඉන්පසු ආර්ථික සංවර්ධන නිලධාරීන් ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්‌ත කිරීමට තීරණය කර තිබූ අතර පසුව ඇමැති මණ්‌ඩලය මෙම නිලධාරීන් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයට අනුයුක්‌ත කිරීමට තීරණය කළේය. ඒ තීරණය අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා ඇත බව වාර්තා වේ.

නමුත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන්ට 2015.03.02 වැනි දා සිට රාජකාරී වේලාවන් සාමාන්‍ය වේලාවන් ලෙස සලකනු ලබන බවත් එම කාළය තුල මාණ්ඩලික නිලධාරියෙකු විසින් පවරන කේෂ්ත්‍ර රාජකාරී සඳහා යොමු වන්නේ නම් ඒ සඳහා ලිඛිත අවසරය ලබා ගතයුතු බවත් දන්වමින් කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරිය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති ඇතැම් සංවර්ධන නිලධාරී කාර්යාල සඳහා ලබා දුන් නාම පුවරුද ගලවා ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)