May 21, 2024

මේ ආණ්ඩුව මාස 03 න් ඉවරයි / මහින්ද පරදිනවා කියූ ජ්‍යොතිෂ්‍යවේදීයා යළි කට අරියි (Audio)

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ රූපවාහිනි නාලිකාව වැඩසටහනක් හා එක් වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් පරදින බව කියූ ජ්‍යොතිෂ්‍යවේදී ක්‍රිෂාන් නිලංග මහතා යළි අනාවැකියක් කියමින් සඳහන් කරන්නේ දැනට පවතින ආණ්ඩුව ගෙවී යන මාස 03 ඇතුළත බරපතල ලෙස අර්බුදයන්ට ලක්ව කැඩී යන බවය.

ජ්‍යොතිෂ්‍ය පදනමට අනුව තමා මේ බව පවසන බවත් ඒ අනුව අටව ගන්නා ආණ්ඩුවටද පැවතිය හැක්කේ මාස 06 ක් වැනි කාලයක් බව සඳහන් කරයි.

ඒ අනුව 2015 අග භාගයේ සහ 2016 මැද භාගය වන විට රට ආර්ථික, දේශපාලනික සහ සමාජික වශයෙන් අරාජිත වන තාරකා පිහිටීමක් ඇති බවයි හෙතෙම පවසන්නේ.

මීට වසර 550 ක ආසන්න ඉතිහාසයේ රට අරාජිත වූ අවස්ථාවේ තිබූ තරකා පිහිටීමට සමාන පිහිටීමක් යළි ඉදිරියේ පෙනෙන්නට තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

පහත ලින්ක් එකෙන් රූපවාහිනි නාලිකාවක් ඔස්සේ 2014 ඹක්තෝබර් 30 වැනිදා ඔහු දැක්වූ අදහස් නරඹන්න.

ඒෂියන් මිරර් සිදු කළ සාකච්ඡාවේ සම්පූර්ණ audio ව  පහතින් අහන්න..

දේශබන්දු ලංකා පුත්‍ර සම්මාන ජ්‍යොතිෂ්‍ය විශාරද ක්‍රිෂාන් නිලංග

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 17:36