May 21, 2024

ඔබටත් Missed Call එනවාද? - පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

තම ජංගම දුරකතනයට නාදුනන අංකවලින් ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට යාමෙන් සහ Missed Callවලට ප්‍රතිචාර දැක්වීමට යාමෙන් වළකින ලෙස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිනි මහත්මිය සඳහන් කරයි.

තමන්ට අදාල නොවන නොදන්නා දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් බොහෝ තරුණියන්, කාන්තාවන් අසරණ තත්ත්වලට පත් වූ අවස්ථා වාර්තාවීම බොහෝ දක්නට ලැබෙන බව ඇය පෙන්වා දෙයි.

"එලෙස ඇතිවන දුරකතන සංවාද හේතුවෙන් බෙහෝ තරුණියන් පිරිමි සමග යාළුකම් පවත්වයි. පසුව ඔවුන් පෙම්වතුන් බවට පත් ව මුණ ගැසී කතා බහ කිරීම සඳහා යාමට තෝරා ගනු ලබන්නේ හෝටල් ය. එහි දී ලිංගික සමබන්ධතා පවත්වා ඔවුන් නිකරුණේ අමාරුවේ වැටෙනවා." යනුවෙන් රාජිනි මහත්මිය සඳහන් කළා ය.

නොදන්නා ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමටත්, නාදුනන අංකවලින් පැමිණෙන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වා සිටී නම් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවන බව ඇය වැඩි දුරටත් සඳහන් කළා  ය.

Rate this item
(0 votes)