May 20, 2024

වියට්නාමයට එන්නයි ජනපතිට ඇරයුම්

නව රජයේ වැඩපිළිවෙළ වියට්නාම ජනාධිපතිවරයාගේ ප්‍රසාදයට ලක්ව ඇති බව වියට්නාම තානාපතිනී ෆාන් කිඑයු තූ (Phan Kieu Thu) මහත්මිය, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පැවසීය.

ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවත් වියට්නාමයත් අතර පවතින සබඳතා ඉදිරියේදී වඩාත් පුළුල් කර ගැනීමට වියට්නාමය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සිටින වියට්නාම තානාපතිනිය මෙහිදී සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ, කෘෂිකාර්මික මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍ර තුළ වියට්නාමය ලබා ඇති ප්‍රගතිය ප්‍රසංශනීය බව ය.

වියට්නාමයේ නිල සංචාරයක නිරතවන ලෙස ද වියට්නාම රජය වෙනුවෙන් තානාපතිවරිය මෙහිදී ජනාධිපතිවරයා වෙත ඇරයුම් කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

Rate this item
(0 votes)