May 20, 2024

ඝාතන කුමන්ත්‍රණය සිදු වූයේ පක්ෂය ඇතුළෙන් - ජනපති මතක් කරයි

පක්ෂය තුළ කුමන්ත්‍රණ කොතරම් ඇතිදැයි සිතාගත හැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා තරම් බලය තබාගෙන සිටියදීත් දුක් විඳපු නායකයෙක් දැක නැති බවත් ඒ මහතා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බවද, ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය සිදුවූයේ පක්ෂය තුළින්ම බවත්ය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.මෙම අවස්ථාවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)