May 20, 2024

ඇමති රාජිතට හා පුතාට අධිකරණයෙන් නොතීසි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු වන එක්සත් සේනාරත්න විසින් බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීමට අදාළව අමාත්‍යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

අමාත්‍යවරයාගේ එකී පුත්‍රයා විසින් සිය දියණියක පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බවට අදාළ දැරියගේ මව්පියන් පසුගියදා මාධ්‍ය හමුවක්ද පවත්වමින් චෝදනා කළේය.

අදාළ දැරියගේ වයස අවුරුදු 16යි මාස 11ක් බවත්, ඇය ගොස් ඇත්තේ සිය කැමැත්තෙන් නිසා ඊට එරෙහිව පොලීසියට ක්‍රියා කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබිණි.

පොල්හේන්ගොඩ, ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචිව සිටි දිනිති අලෝකා රණසිංහ නැමැති සිය දැරිය පසුගිය 2014 වසරේ පෙබරවාරි මස 24 වැනිදා පැහැර ගැනීමට ලක්වූ බව දැරියගේ මව්පියන් එම මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් දැරියගේ  මව්පියන් විසින් පවරන ලද නඩුවකට අදාළව අමාත්‍යවරයාටත්, ඔහුගේ එම පුත්‍රයාටත් උසාවිය හමුවේ ලබන මස 02 වැනිදා පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

 

Rate this item
(0 votes)